JavaScript ඉගෙනගමු. (පළමු පාඩම)

js1

මම කලින් post එකකදි JavaScript ගැන හැදින්විමක් දුන්නා. ඉතින් මම පොරොන්දු උනානෙ මේ post එකේ ඉදන් පිලිවෙලට JavaScript උගන්වන්න පටන්ගන්නවා කියල ඔන්න අපි එහෙනම් වැඩේ පටන්ගමු. ඊට කලින් පොඩි උපදෙස් ටිකක් දෙන්න තියනවා.

(1) JavaScript කියන්නෙ Case-Sensative භාෂාවක්. ඒ කියන්නෙ අපි CAPITAL simple ගැන හොඳ අවදානයකින් ඉන්න ඔනෙ.
(2) Programming කියන්නෙ ගිරවා දාලා ගොඩයන්න පුලුවන් දෙයක් නෙවෙයි. Practice එකෙන් තමයි මතක තියාගන්න ඕනෙ. ඒක නිසා මම පහළ දෙන හැම code එකක්ම test කරල බලන්න.
(3) එක පාඩමක් තෙරුම් ගන්න අමාරුනම් ඒක skip කරලා ඉස්සරහට යන්න හිතන්නවත් එපා. මගදි හිරවෙයි. නැවත නැවත කියවන්න. code වෙනස් කරකර try කරන්න. Google කරල බලන්න.
(4) කරන දෙයට කැමත්තකින් කරන්න JavaScript විතරක් නෙවෙයි ඕනම දෙයක් කැමත්තක් ඇතිව කරොත් සාර්ථකත්වයට ළංවෙන්න ලේසියි.

Continue reading

Tagged , , ,

Safety Check for Nepal Earthquake

අද මට ටිකක් වෙනස් විදියෙ facebook notification එකක් ආවා.
මේ පහළින් තියෙන්නෙ එන්න ඒ notification එක.

Screenshot_2015-04-26-12-52-58
(උතුරු ඉන්දියාවෙ ඉන්න මගේ facebook friend කෙනෙක්. ඉතින් ඔහුගේ අවසරයක් නැතිව ඔහුගේ නම මගේ post එකක පාවිච්චි කරන එක සදාචාර සම්පන්න නැති නිසා නම මැකුවා.)

මොකක්ද මේ අලුත් notification වර්ගය?

මේක අලුත්නම් නෑ. facebook මේක මුලින්ම හදුන්වා දීල තියෙන්නෙ 2014 ඔක්තොම්බර් මාසයේ ඇමරිකාවෙ Menlo Park Earthquake එකට. ඒත් මේ safety check එක අපිට අලුත්.

Continue reading

Tagged , , , ,

JavaScript ඉගෙනගන්න පටන්ගමු.

js1

වෙබ් developmentවලට උනන්දුවක් තියන අය වෙබ් developing ගැන ටිකක් හරි දන්න අය JavaScript හොදට අදුරනව ඇති. ඒත් අලුතින් වෙබ් developing වලට ආපු අයට JavaScript ගැන හැදින්වීමක් දීලම පාඩම පටන්ගන්න එක හොදයි කියල මට හිතෙනවා.

JavaScript අදුරගමු.

JavaScript අපිට නොමිලයේ භාවිතා කරන්න පුලුවන් Dynamic Programming Language එකක්. Brendan Eich කියල මහත්තයෙක් තමයි මේ JavaScriptවල පියා. JavaScript ප්‍රසිද්ධ උනාට මේ මහත්තයට එච්චර ප්‍රසිද්ධියක් ලැබිලා නෑ. Mr. Eich JavaScript design කරල තියෙන්නෙ Netscape Communications Corporation එකට අර Netscape Navigator කියල browser එක කරේ මේගොල්ලො තමයි. දැන් Netscape වගේම Eich මහත්තයල පටන් ගත්තු Mozilla Foundation එකත් JS develop කරනවා. 1995 පටන් ගත්තු JS එදා ඉදන් අද වෙනකන් අපිට සේවා සපයනවා. Facebook, Twitter, Google වගේම මේ WordPress platform එකෙත් JS use වෙනවා.

Continue reading

Tagged , , , ,

මොකක්ද මේ OxygenOS?

oxygen

OxygenOS ගැන දැනගමු.

මොකක්ද මේ OxygenOS? OxygenOS කියන්නෙත් Android OS එකෙම සංස්කරණයක්. අලුත්ම android version එක වෙන lollypop version එකේ 5.0.2 update එක තමයි මෙහෙම OxygenOS බවට පත් කරගෙන තියෙන්නේ. චීන සමාගමක් වන OnePlus කියන mobile phone හදන company එකත් CyanoGen කියන company එකත් එකතුවෙල තමයි lollypop develop කරල OxygenOS හදලා තියෙන්නෙ. Interface එක ලස්සනයි, battery perfomance වැඩියි.

Android වල නැති කෑලි බෑලි OxygenOS වල තියනවා. OxygenOSවල පට්ට gesture controls තියනවා.

Continue reading

Tagged , , ,

අපි අපේම android app එකක් හදාගමු.

මේ මගේ පළවන බ්ලොග් පොස්ට් එක. ඉතින් මම හිතුව මගේ පළවෙනි බ්ලොග් පොස්ට් එකෙන්ම ඔයගොල්ලන්ට පොඩි තෑග්ගක් දෙන්න.

ඔයාල අනිවාර්‍යයෙන්ම android පාවිච්චි කරල ඇති. playstore එකෙන් ඒවගේම තව unofficial marketplaces වලින් apps download කරල ඇති. නිකමටවත් හිතුනද තමන්ගේම කියල app එකක් හදාගන්න. දැන් ඉතින් කියන්න එපා “අපි java දන්නෙ නෑනේ”, “මම web developer කෙනෙක් විතරයි apps developing ඉගෙනගෙන නෑනේ” කියල, ඔන්න ඔයගොල්ලන්ගෙ උදව්වට යාලුවෙක් ඉන්නව ඒ තමයි PhoneGap. ඉතින් අපි බලමු මොකක්ද මේ PhoneGap? PhoneGap වලින් android apps හදන්නෙ කොහොමද? කියල.

 

Continue reading

Tagged , , ,